Saturday, July 2, 2016

"ලංකාවේ දේශපාලනය හා ආර්ථික වර්ධනයට බාධා"

               "ලංකාවේ දේශපාලනය හා ආර්ථික වර්ධනයට බාධා"               




ජේ. ආර්. ජයවර්ධන යනු "විවෘත ආර්ථිකය" ලංකාව තුල බිහි කිරීමට මූලිකව ක්‍රියාකරන ලද දේශපාලන නායකයෙකි. දේශපාලනිකව කොතරම් සට කපට වුවද ඔහු ඇති කල විවෘත ආර්ථිකය අද ලාංකික ව්‍යවසායකයාගේ ප්‍රතිලාබ හා දියුණුව කෙරෙහි මහත් බල පා ඇති බව අප පිළිගත යුතුය. විශ්ව ගම්මාන හා අපේ වෙළඳ පොළ ජාත්‍යන්තරය හා මුහු කරන "විවෘත ආර්ථිකය" එදා නොයෙකුත් විරුද්ධ පක්ෂ හා විප්ලවවාදීන් "පිළිකුල් හා යකෙකු" ලෙස දකින ලද අතර එයට ගරහන ලදී. එමෙන්ම ජේ. ආර්. ජයවර්ධනගෙන් පසු බලයට පත් වුනු "ආර්.ප්‍රේමදාස" නැමැති ඒකාධිපතියකු මෙන් වැඩ කල, තමන්ට එරෙහිව එන්නවුන් ක්ෂණිකව මර්දනය කරමින් වුවද ආර්ථිකයට ඉතා වැදගත් "නිදහස් වෙළඳ කලාප", "නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත" ඉදි කරවීමට රජයේ අනුග්‍රහය හා ව්‍යවස්ථා, ආර්ථික සැලැස්මවල් සාදන ලදී. අද ලංකාවේ 950 වඩා "නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්තශාලා" ඇත. එයින් 400,000 - 500,000 පමණ රැකියා අවස්ථා ලැබී ඇත. ලංකාවේ වැඩකරන ජනතවගෙන් 15% ම සිටින්නේ "නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්තශාලා වලය". එමෙන්ම ලංකාවේ පිටරටට අපනයනය කරන මුළු භාණ්ඩ වලින් 50% ඇත්තේ "නිමි ඇඳුම්ය ". එයින් ලංකාවට විශාල විදේශ විනිමයක් ලැබේ. ලංකාවේ කර්මාන්ත වල නිෂ්පාදනයෙන් 39% ම නිමි ඇඳුම් නිෂ්පාදනය වන අතර මෙය ලංකාවේ ලොකුම එකාංශික අපනයන ආදායමට හිමිකම් කියයි.
බැරිවෙලාවත් මෙම කර්මාන්තශාලා ඇති කර නොතිබුනේනම් ලංකාවේ තරුණ පරපුරට සිදුවන්නේ "නිකන් උඩ බලන් හූල්ලන්නටය". අප සිතනවා මෙන් අපිට "සංචාරක කර්මාන්තයෙන්" මහා ලොකු විදේශ විනිමයක් ලැබෙන්නේ නැත. අපේ හෝටල් වල වියදම් වෙනත් විදේශිකයන්ට ඉතා අධික නිසා "සංචාරක කර්මාන්තය" කඩා වැටී ඇත. මෙහෙට දැන් එන්නේ "හිඟන විදේශිකයන්ය". අපේ හෝටල් වියදම් ඇතැම් විට "සිංගප්පුරු, තායිලන්ඩ්, මාලදිවයින" වැනි අධික සංචාරක ආකර්ෂණය සහිත රටවල් වල වියදමටත් වඩා වැඩිය. ඉතින් සංචාරකයෝ මෙහි එයිද?
මාගේ අදහසට අනුව "චන්ද්‍රිකාගේ" පාලන කාලය මේ රටට ආර්ථික වශයෙන් මෙලෝ රහක දෙයක් සිදු නොවුන කාලයකි. කෙසේ වෙතත් S.W.R.D බණ්ඩාරනායක "සිංහල" භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන්ම අපේ රටට කෙල වී සිංහල-දෙමළ කෝලාහල ඇතිවීම මෙන්ම අපේ තරුණ පරපුර ඉංග්‍රීසි භාෂාවෙන් ඉවතට විසි වී ජාත්‍යන්තරය සමඟ කරට කර ආර්ථිකව සටන් කිරීමට මැලි වීම රට පස්සට යාමට දායක වුව සේම, බණ්ඩාරනායකගේ දියණිය හදිසියේම බලයට පත් වීම (බොහෝ විට UNP හි සිටි බහුතරයක් කොටින්ගේ බෝම්බ වලට අසු වීම මීට හේතුවයි, ඔසී , ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී සේනානායක, ආර්.ප්‍රේමදාස වැන්නවුන්) රටේ ආර්ථිකයට කෙළ වීමට මුලික අඩිතාලම ලැබුණි.
ඉන් පසුව පත්වුණි "රනිල් ගේ අගමැති කම සහිත", "චන්ද්‍රිකාගේ ජනාධිපති කම" සහිත 2001–2004 ආණ්ඩුවද මෙලෝ රහක් නැති සම්පුර්ණ කාලයම සාම කතා වලට වෙන්වුණු අවුරුදු කිහිපයකි. ආර්ථික වශයෙන් කිසිඳු දියුණුවක් පෙන්නුම් කලේ නැත.
උතුරේ ඡන්ද දැමීම කොටි විසින් මිනිසුන් තර්ජනයට පත් කරලීමේ හේතුවෙන් වාසනාවට 2005 බලයට පත්වුනු මහින්ද රාජපක්ෂ (50.29%) ප්‍රතිවාදී රනිල්ව (48.43%) පරාද කරන ලදී. මහින්ද රාජපක්ෂ විසින් ගන්නා දැඩි තීන්දු නිසා හා ජ.වි.පෙ හා හෙළ උරුමය කරන ලද විදිමත් සහභාගීත්වය හා සරත් ෆොන්සේකාගේ දැඩි තීන්දු , රණ විරුවන්ගේ අපරමිත කැපවීම නිසා ඔහුගේ පාලන කාලයේදී යුද්ධය දිනා ගැනීමට හැකි විය. එහෙත් ආර්ථික වශයෙන් රටට තිබු අපහසුව "යුද්ධ වියදම" නැතිව වුවත් දිගටම පැමිණීම හුදෙක් ඔහුගේ පාලන කාලයේදී ලබා ගන්න ලද අධික ණය සහ අනවශ්‍ය මුදල් නාස්තිය, වංචා, දුෂණ හේතු විය. ප්‍රජාතන්ත්‍රවාදයේද ප්‍රශ්න තිබු නිසාද, දුෂිතයන් රැකීම නිසාද, අධික මුදල් නාස්තිය නිසාද කොච්චර යුද්ධය නිමා කිරීමට දායක වුවද වර දෙකකින් පසු චන්ද්‍රිකාටත් වඩා අපකීර්තිමත්ව නියම කාලයටත් පෙර ගෙදර යාමට සිදු විය.
ඔහුගේ කාලයේදී "ණය ලබාගෙන" අධි වේගී මාර්ග පද්ධති සාදන ලදී, වෙනත් කුඩා මාර්ගද සංවර්ධනය කරන ලදී, නමුත් වෙනත් අනවශ්‍ය ඉදිකිරීම් රැසක් කරන ලදී. ඔහු සිතුවේ සංචාරක කර්මාන්තයෙන් අපේ රටට අධික විදේශ විනිමයක් ලබා ගැනීමටය, නමුත් එම සංකල්පය සාර්ථක වුයේ නැත. එයට හේතුව අපේ සංචාරක හෝටල් වල අය කිරීම වැඩි වීම නිසා විදේශිකයන් අඩු වීමයි. කෙසේ වෙතත් ඔහුගේ අවධානය "කර්මාන්ත ඇතිකිරීමට ", සහ " විදේශ ආයෝජකයන්" ගෙන්වා ගැනීමට යොමු නොවීම ඔහුගේ නොහැකියාවද? අපේ කරුමයදැයි? තවමත් අපට ප්‍රශ්නයකි.
අතීතය මෙසේ තිබිද්දී "රනිල්"- "මයිත්‍රී" ආණ්ඩුව තවමත් ආර්ථිකමය වශයෙන් සාර්ථක මුහුණුවරක් පෙන්නුම් නොකරයි. එය හුදෙක් මහින්දගේ පිළිල හැම රාජ්‍ය ආයතනයකම තිබීම හෝ "රනිල්"- "මයිත්‍රී" හවුලේ නොහැකියාවදැයි ? අපි නොදනිමු. කෙසේ වෙතත් ලංකාවට "ආයෝජකයන් කැඳවන", "අලුත් කර්මාන්ත ඇතිකරවන ", "තිබෙන නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත දිගටම හොඳින් පවත්වාගෙන යාමට GSP + සහන ලැබෙන" ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කිරීමට මොවුන්ට මොළේ පෑදේවයි පතනෙමි. නැතහොත් රට අගාධයට යාම සක්‍රයාගේ පුතා වයිමා ආවත් නැවැත්විය නොහැක.
අදහස - දිලීප කැළුම් රූපසිංහගෙනි - 02/07/2016

No comments:

Post a Comment